Monday, September 12, 2016

ඔබ

රළ නගන සයුර වගෙයි ඔබ
සංයමයක් ඇතිවාම නෙවෙයි
ඉලන්දාරි ඇස් දෙක අස්සේ
හංගපු දගකාරකම් හරි රළුයි

වචන අස්සේ ආදරේ තවරපු
මනමාල හිතක් ද ඔය
සියපතින් සියපතට දිවයන
තවත් එක බඹරෙක් ද ඔබ

කාලයක් අරන් හෙමිහිට
ඇවිත් ළං උනාට
සංසාර පුරුද්දක් කියා
කියන්නද යන්නේ ඔය
නුඹත් බොරුවට

හිත කැළඹමින් සැරින් සැරේ
හැගුමන් ලග දඟකාර රටා පෑවට
රළ නගන සයුර වගේමයි ඔබ
අහංකාරකමත් හරි උසයි




4 comments:

  1. ලස්සනයි සහෝදරි....

    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරයා :)

      Delete
  2. //වචන අස්සේ ආදරේ තවරපු
    මනමාල හිතක් ද ඔය
    සියපතින් සියපතට දිවයන
    තවත් එක බඹරෙක් ද ඔබ//

    ලස්සනයි ..ඇත්ත..:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හීන දකින්නී.. :)

      Delete