Saturday, February 25, 2017

රිදුම් දෙන මතක

හිත රිදෙන තැන් බෝමයි
ඒ හැම රිදුමක්ම
ආයෙත් කියෙව්වෝතින්
නුඹ පවා මැරි මැරී උපදිනවා
සත්තයි

ගෙවී ගිය දවස් වල
ආදරණිය මතක විතරක්
මිටකට ගුලි කරාන
මම හුස්ම ගන්නවා
තවම හෙමිහිට

උල් කිණිසි තුඩක්ව
නුඹ ගෙන දුන් රිදුම් ද
තවමත් කොනිති ගහනවා
හිත හඩවමින් තදටම

කිවිදියකට පෙම් කිරිමම
අමුතු රහක් වුනත් නුඹට
තැනින් තැන රැදෙන හිතකට
පෙම් කිරිමම දැන් සාපයක් මට
ඔබ දන්නවා ද ඒ වග..

#Aruni


3 comments:

  1. කිවිදියකට පුළුවන්
    වචන තුවාල කරන්න
    හිත
    දන්නේ නැතුවට නුඹ

    ReplyDelete
  2. අත්හැරිය යුතුම නම් අත්හැරිය යුතුය. ඉවත්වයායුතු නම් ඉවත්විය යුතුය..ආදරය යනු විඳවීමක් නොවේ.....

    ReplyDelete
  3. හ්ම්ම්... තැනින් තැන රැඳෙන හිතකට පෙම් කරන එක හිතට බරක්. ඒ ආදරේ බෙදාගන්න බැරි නිසාම

    ReplyDelete