Thursday, May 11, 2017

නොලියු කවියක්

සද එබෙන විට
තරු දිලෙන විට
වැහි වැටෙන විට
හිත ගැහෙන විට
කවි ලියන පන්හිදක්

ඒ කවි කියවනා
හෙමිහිට සිතින් රසවිදිනා
ප්‍රේමයෙන් තමන්ට අමුණා ලියා කියා
නොලියු කවකට සිත රැවටෙනා
ඉතින් අයිතිවාසිකම් අහනා
හිතුවක්කාර පිරිමි හිතක් දෙකක්

හිත ගැස්සෙනා සැරයක්
පෙම විදිනා මොහොතක්
ඔහුට ලියනා සොදුරු කවක්
හෙළි නොකරනා තාක් අයිතියක්

අකුරක හිමිකරු වු ඔහුත්
අකුරුගින් මුලා වු  ඔවුනුත්
පන්හිදගින් නෙක රටා මවනා ඇයත්
මෙතරම් මායාවක රැදෙනු ඇයි දැයි
විමසනා තවත් එක් හිතක් දෙකක්

#aruni

3 comments:

  1. කවි ලියන පන්හිඳක්........

    ReplyDelete
  2. ලස්සනයි. ඔබගේ හැකියාව අති විශිෂ්ටයි.

    ReplyDelete