Monday, July 3, 2017

,,,,,,

රළ නගන සයුර ඇවිත් නිතර
වෙරළ කොනේ ගල් පිළිමෙට
මුදු හාදුවක් දී යනෙනා හැඩ
සොදුරු දසුනක්ලු කවියෝ දකින

මායාකාරියකගේ සාපයෙන් ගල්ව
ඔහේ බලා හිදින්නට වුනත් අද
ඇයත් කුමරියකි පෙර දවසක
කුමරෙකුගේ දෑතට තුරුලුව
මේ රළ අතරේම පිය මැන්න

එදවස දෑස් අයා ප්‍රේමය අයදපු
දෑත් විහිදා තුරුලට යන්නට හදපු
ඇය ද සාපලත් ගැහැණියකි අද
අකාලයේ පෙම්බරා අහිමි වු
මායාවේ වෙසගන ඔහු සගවනු
නිහඩව බලා හිදන්නට සිදුවුණු

වෙරළේ රළ අතර ඔහු
තවම හුස්ම හොයනවා ඇති
ගල් පිලිමයේ මලානික දෑස් මතින්
ඇයද රළ දෙස බලා හිදිනවා ඇති

හිස් බැල්මට හිස් බැල්මක් හමුව
එක්වන්නට බැරි සිතකින්
සෝ සුසුම් හෙලනවා ඇති
හැපි හැපී හඩන රළ අතරේ
ඔහේ හඩ හඩා තවම ඇවිදිනවාත් ඇති

1 comment: