Tuesday, July 4, 2017

ඔබට

ඉදහිට ලියවෙන කවියක
ලග රැදී තාලය
ඔබ නොවන වග
ඔහොමට පුන පුනා
ඔබ කියන්නේ කොහොම

සිරුවට එකතුවන වචන අස්සෙන්
සොදුරු රහසක් කියවෙනා අපුරුව
මම කියන්නටම ඕනි ද ඔබට
කවියකින් සාස්තර බලන හැඩ

ඔබ දන්නවා කවියක් උපදින විට
වේදනාවන් පවා මිහිරි වන වග
ඒ මතක හිත යට තියාන
විදවනා කවි සිත ඉතින් තව කුමට ද
කවියකින් සිත සුළගට ලියා තියා
විදවීම පවා මිහිරිව විදිනවා මිසක

- අරුණි

3 comments:

  1. එහෙම කවිවල
    වචන පේළියක
    අන්තරා කොටසේ
    මම ඉන්නවා හොර රහසේ


    nice poem

    ReplyDelete
  2. “ඔබ දන්නවා කවියක් උපදින විට
    වේදනාවන් පවා මිහිරි වන වග”

    කවියකට පුළුවන් අපේ සියලුම හැගීම් උඩු යටිකුරු කරන්න ,
    පුළුවන් වෙලාවක අපේ පැත්තටත් ගොඩ වෙන්න “ මනස්ගාත සටහන් “ බලන්න , කියවන්න , විදින්න

    ReplyDelete
  3. කවියක වටකුරු අකුරු අස්සේ
    හැංගිලා ඉඳීවි
    "ආදරය" හොර රහසේ

    ReplyDelete